
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඔබ ප්‍රදේශයට එළවළු තොග සැපයීමක් සිදු නොවේ නම් බණ්ඩාරවෙල ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාලය මැදිහත්වීමෙන් බණ්ඩාරවෙල එළවළු තොග සැපයුම්කරුවන් සම්බන්ධීකරණය කර දීම සඳහා ඉහත දුරකථන අංක අමතන්න.
රට වෙනුවෙන් එකට සිටිමු - බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන
අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය මඟින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති ඒකාබද්ධ ප්‍රවේශයකින් සිදුකිරීමේ අරමුණින් රජයේ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සහාවේ සියලුම ආයතන සහ ව්‍යවස්ථාපිත ආයතන ඒකාබද්ධව "රට වෙනුවෙන් කට සිටිමු" තේමාව කොටගත් ජාතික වැඩසටහනට සමගාමීව බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් 2019 සැප්තැම්බර් මස 23 - 28 සතිය තුළ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණි.
සංවර්ධන යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාවට නැංවීමත් ජනතාවගේ ආර්ථික, සෞඛ්‍ය, සාමාජයීය, පරිපාලනමය හා පාරිසරික ගැටලු විසඳීමට රජයේ දායකත්වය ලබා දීමත් මෙම සතිය තුළ සිදුකෙරිණි. මේ යටතේ ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ජාතික වකගඩු රෝග නිවාරණය, ග්‍රාමශක්ති, ජාතික පරිසර සංරක්ෂණය, දරුවන් සුරකිමු, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය, විශේෂ අවශ්‍යතා සහිත සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම, Smart Sri Lanka, ජාතික ආහාර නිෂ්පාදන ආදි ව්‍යාපෘතිවලට අදාළ වැඩසටහන් රාශියක් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වසම් 35 ක් ආවරණය වන පරිදි සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
බණ්ඩාරවෙල කොට්ඨාශය තුළ වකුගඩු රෝගය ව්‍යාප්තවීමේ අවදානම අවමකර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් හා වෛද්‍ය සායන ග්‍රාමීය මට්ටමෙන් හා පාසල් මට්ටමෙන් පවත්වන්නට කටයුතු යොදා තිබුණු අතර මේ සඳහා සම්පත් දායකත්වය ලබාදෙනු ලැබුවේ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ දියතලාව ආයුර්වේද රෝහලයි. මේ යටතේ හඳුනා නොගත් වකුගඩු රෝගීන් හඳුනා ගැනීමත් නිවැරදි ආහාර ක්‍රම, නිවැරදි වගා ක්‍රම සහ පිරිසිදු පානීය ජලය සපයා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් සිදුකරන ලදී.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ වසම් අනුව ප්‍රජා දැනුවත් කිරීම්, පෙරපාසල්/ පාසල් ගුරුවරුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්පත් දායකත්වයෙන් සිදුකෙරිණි.
මීට අමතරව විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් ආවරණය වන පරිදි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.ඉන් කිහිපයක් පහත අයුරිනි.
- ආහාර තාක්ෂණ පුහුණු වැඩමුළුව - විදාතා සම්පත් මධ්‍යස්ථානය
- ප්‍රාදේශිය රැකියා පොළ - බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
- Smart Sri Lanka වැඩසටහන - බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය
- ජනපතිට කියන්න වැඩසටහන - බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
















