අපගේ දැක්ම
"ඵලදායි රාජ්‍ය සේවයක් ඇති කිරිම"


අපේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම,තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"


හැඳින්වීම

හෙළ විරුවන් බිහිකළ ඌවේ බදුල්ල දිස්ත්‍රික්කයේ සීතල කදු මිටියාවතෙන් වට වු බණ්ඩාරවෙල පුරවරය ලක් වැසි සැමගේ මෙන්ම දෙස් විදෙස් ජනතාවගේ ගෞරවාදරයට පත් වු පෙදෙසකි. සීතල කදු ගැට අතරින් ගොඩ නැගුනු මෙම පුරවරය කෘෂි කර්මය මුල් කර ගත් ආර්ථික රටාවකින් ගොඩ නැගි ඇත.

 ග්‍රාම සේවා වසම් තිස්පහකින් යුත් හැටනවදහස් හයසිය අනුවක් වු ජනතාවකගෙන් යුතු බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සියළු ජාතින් නියෝජනය කරන සාමකාමි පෙදෙසකි. ඒ අනුව සිංහල ජනතාව 74% ක්ද, ද්‍රවිඩ ජනතාව 20% ක්ද, මුස්ලිම් ජනතාව 5.6% ක්ද බර්ගර් ජනතාව 0.17% ක්ද, මැලේ ජනතාව 0.06% ක්ද වශයෙන් සම්මිශ්‍රනය වු ජන අනුපාතයක් වාසය කරයි. නාගරික, අර්ධ නාගරික හා ග්‍රාමිය අංශ නියෝජනය කරන ජනතාව කෘෂි කර්මාන්තයට අමතරව ස්වංරැකියා, කාර්මික, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය ලෙස සිය ජීවනෝපාය වශයෙන් සලසා ගෙන ඇත.

 මෙවන් වු සියළු ජනතාවගේ පරිපාලනමය අවශ්‍යතා රාජ්‍ය ප්‍රතිපත්තින්ට අනුකුලව ඉටු කිරිමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැපවි සිටි. මෙම භාරධුර කර්තව්‍යය ඉටු කිරිමේ දි සිමිත ඉඩ කඩ සහිත කාර්යාල පරිශ්‍රයේ සිට සේවා සැපැයිම ඉතා දුෂ්කර කටයුත්තක් බව ක්‍රමයෙන් දැනෙන්ට විය. මේ පසුබිම යටතේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අභිනවයෙන් සපැමිණි ප්‍රාදේශීය ලේකම් ඩි.එම්.ඉන්ද්‍රා දිසානායක මෙනවියගේ ඒකායන බලාපොරොත්තුව වුයේ නවින පහසුකම් සහිත ජනතා සේවාවන් කාර්යක්ෂමව හා අනලස්ව ඉටු කළ හැකි කාර්යාල පරිශ්‍රයක් ගොඩ නැගිමයි. මෙම යොජනාව ක්‍රියාවට නැංවිමේදි මුල් අත්වැල සපයමින් එවකට සිටි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ධනපාල තන්තිරිගේ මහතාගේ පුර්ණ අනුග්‍රාහකත්වය මත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ එකගතාවය හා මුදල් ප්‍රතිපාදන ලබා ගෙන ‍මේ වටිනා කාර්ය ඇරඹිමේ භාග්‍ය උදාවිය.

 නව කාර්යාල පියස ගොඩ නැගෙන අතරතුර කාර්යාලයේ අපහසුතා මධ්‍යයේ වුවද සීමිත ඉඩකඩ සහිත කාර්යාල පරිශ්‍රය තුල සිට ජනතාවට ඵලදායි සේවාවක් නිසි ලෙස සපයමින් 2007 වර්ෂයේ සිට අඛණ්ඩව ඵලදායිතා සම්මානයෙන් ඇගැයිමටත්, 2008 වර්ෂ‍යේදි එහි ජාතික මට්ටමේ ඇගැයිමටත්, 2009 වර්ෂයේ කාර්යාල කළමණාකරණ තරඟයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනිමටත්, 2010 වන විට කාර්යාල කළමනාකරණ තරඟයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයත්, ජාතික මට්ටමේ විශිෂ්ඨ කුසලතා ඇගැයිමට ලක්විමට තරම් අප භාග්‍ය වන්ත විය.මේ ඉලක්ක කරා ලඟාවුයේ අනේකවිධ අභීයෝග කම්කටොලු හමුවේ බැවින්, අප ලැබු ජයග්‍රහනයේ අගය තවත් ඔප්නැංවීමට හේතුවිය. විවධ ක්ෂේත්‍ර ඔස්සේ ජනතා සේවයට කැපවීමේදී ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ කාර්යාල කාර්ය මණ්ඩලයේත්, ක්ෂේත්‍ර නිලධාරින්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එකම දම්වැලක පුරුක් මෙන් සාමුහික හැඟීමෙන් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අපට විශාල පන්නරයක් විය.

 

මේ දක්වා සේවය කරන ලද ආදායම් පාලක/ ප්‍රාදේශීය ලේකම් වරුන්

අනු අංකය  නම තනතුර
01 තිලක් රණවිරාජා මහතා ආදායම් පාලක
02 පියල් අබේසිරි මහතා ආදායම් පාලක
03 ඩබ්ලිව්.පී.ප්‍රේමදාස මහතා  ආදායම් පාලක
04 පී.වැල්ලකැටිය මහතා  ආදායම් පාලක/ ප්‍රාදේශිය ලේකම්
05 පී.එච්.පී.ප්‍රේමසිරි මහතා  ප්‍රාදේශිය ලේකම්
06 එස්.පී.එස්.සේනාධීර මහතා  ප්‍රාදේශිය ලේකම්
07 ඩබ්ලිව්.එන්.ආර්.පී.විජයපාල මහතා  ප්‍රාදේශිය ලේකම්
08 ඩී.එම්.ඉන්ද්‍රා දිසානායක මෙනෙවිය ප්‍රාදේශිය ලේකම්
09 කේ.එම්.එස්.ඩී.ජයසේකර මිය ප්‍රාදේශිය ලේකම්
10 ඊ.එම්.එස්.බී.ජයසුන්දර මහතා ප්‍රාදේශිය ලේකම්
11 ජී.ජී.එන්.ගුණරත්න මහතා ප්‍රාදේශිය ලේකම්
12 අයි.ජී.අයි.ටී.රත්නායක මහතා ප්‍රාදේශිය ලේකම් (වර්තමාන)

News & Events

16
ජූනි2026
අයිස්ක්‍රීම් දන්සල

අයිස්ක්‍රීම් දන්සල

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බණ්ඩාරවෙල ආබාධිත...

15
ජූනි2026
The second financial assistance under the President's Fund's

The second financial assistance under the President's Fund's

The second financial assistance under the President's...

Scroll To Top