පදිංචි සහතිකයක් ලබාගැනීම
පදිංචි සහතිකයක් ලබාගැනීම
- පදිංචි සහතික නිකුත් කිරීමේ බලයලත් නිලධාරියා වන්නේ පදිංචි ලිපිනයට අදාල වසමේ ග්‍රාම නිලධාරිවරයායි.
- පදිංචි සහතිකයක් ලබාගැනීමට අදාළ වසමේ අවම වශයෙන් මාස 6 ක්වත් පදිංචි වී සිටිය යුතුය.
- ග්‍රාම නිලධාරි වෙත තම ඉල්ලීම වාචිකව/ ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.
- පදිංචි සහතිකයේ අවශ්‍යතාවය තහවුරු කළ යුතුය.
- ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු ඇතුළත් වීම
- මෙම ඉල්ලීම ඉදිරිපත් කළ පසු ග්‍රාම නිලධාරි විසින් හැඳුනුම්පත සහ පදිංචි ස්ථානය පරීක්ෂා කිරීම සිදුකරයි.
- ලබාගත් පදිංචි සහතිකය නීත්‍යානුකූල වීමට නම් තමන් පදිංචි කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් වෙතින් අනු අත්සන දින තුනක කාලයක් තුළ ලබාගත යුතුයි.
ග්‍රාම නිලධාරි විසින් පදිංචි සහතිකය නිකුත් කිරීම ප්‍රතිකේෂ්ප කළ හැකි අවස්ථා
- අදාළ වසමේ ස්ථීර පදිංචියට පැමිණීම පිළිබඳව ග්‍රාම නිලධාරි දැනුවත් නොකිරීම
- මෙයට පෙර පදිංචි වසමෙන් නීත්‍යානුකූලව පදිංචිය ඉවත් කිරීම පිළිබඳව ප්‍රාදේශිය ලේකම් අනු අත්සන් යෙදූ ග්‍රාම නිලධාරි ලිපිය අදාළ වසමේ ග්‍රාම නිලධාරි වෙත ලබා නොදීම.
පදිංචි සහතිකය නිකුත් කිරීම ඉහත කාරණා මත ප්‍රතිකේෂ්ප කළ හැකි වුවද පුද්ගල අවශ්‍යතාවය අනුව ඉහත සුදුසුකම් සම්පූර්ණ නොවූවද පදිංචි සහතිකය නිකුත් කරනු ලබයි.
තාවකාලික නිවසක් කුලියට ගෙන සිටින අයෙක් පදිංචි සහතිකයක් ලබාගත යුතු ආකාරය
- මෙවැනි අවස්ථාවක නිවස කුලියට ගැනීමේදී ලබාදෙන බදු ඔප්පු, කුවිතාන්සි වැනිදේ පදිංචිය ඔප්පු කිරීම සඳහා ග්‍රාම නිලධාරි වෙත ලබාදිය යුතුය.
ඉහත සියල්ලටම අමතරව වෙනත් හේතුවක් මත පදිංචි සහතිකය ලබානොදෙන විටක සාධාරණ හේතු ඇත්නම් පමණක් ප්‍රාදේශිය ලේකම්තුමා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
















