---ඔබ දැනගත යුතු කරුණු---
ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලියවිලි
ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍රය
- ග්‍රාම නිලධාරි වාර්තාව
- ඉඩමේ ඔප්පුව හෝ බලපත්‍රය (මුල් පිටපත හා ඡායා පිටපතක්)
- ඉඩමේ ඔප්පුව මූල්‍ය ආයතනයක ඇපයට තබා ඇත්නම් බැංකුව සහතික කරන පිටපත
- ඉඩම වෙනත් අයෙකුට අයත් නම්, ඉඩමේ ඔප්පුව හා ඉඩම් හිමියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය (එය ග්‍රාම නිලධාරි ඉදිරියේ ලබාදිය යුතුය)
- නගර/ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කළ වෙළඳ බලපත්‍රය සහ රිසිට්පත (මුල් පිටපත හා ඡායා පිටපතක්)
- මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව (හෝටල්, ආහාර සහ ළදරු නිෂ්පාදන, රූපලාවන්‍ය ව්‍යාපාර සඳහා)
- පරිසර අධිකාරියේ සහතිකය (ගොවිපළ, වාහන සේදීමේ ස්ථාන,වී මෝල් ආදිය සඳහා)
- පළිබෝධ නාශක අලෙවි සැල් සඳහා කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් විසින් පත්කරන ලද බලයලත් නිලධාරියෙකු විසින් නිකුත් කළ වෙළඳ සහතිකය (මෙය ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කර තැබිය යුතුය)
- වඩු මඩුවක් පවත්වාගෙන යාම සඳහා අඩවි වන නිලධාරිගේ සහතිකය
- මුද්‍රණාල ලියාපදිංචි කිරීම සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතිකය
- තේ කුඩු අලෙවි ව්‍යාපාර සඳහාතේ පර්යේෂණ ආයතනයේ බලපත්‍රය
- ෆාමසි සඳහා ලියාපදිංචි ඖෂධවේදියෙකු තම ව්‍යාපාරික ස්ථානයේ සේවයෙහි යෙදෙන බවට ලිපිය හා ඖෂධවේදියෙකු ලෙස ලියාපදිංචි සහතිකය
- ආයුර්වේද ඖෂධ වෙළඳසැල් හෝ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා ආයුර්වේද කොමසාරිස්ගේ අනුමැතිය
- මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිර්දේශය
- වෘත්තියට අදාළ පුහුණු සහතික
- අයදුම්කරුගේ/ අයදුම්කාරියගේ අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සහ ඡායා පිටපත්
- ඉල්ලීමේ ලිපිය
- ව්‍යාපාර ස්ථානයට පැමිණෙන මාර්ග විස්තරය
- ව්‍යාපාර නාමය ප්‍රදර්ශණය කර තැබිය යුතුය.
දැව හෙළීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියවිලි
දැව හෙළීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා අයඩුම්පත සමඟ මෙම ලියවිලි ඉදිරිපත් කරන්න.
- දැව හෙළීමට අදාළ ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරී වාර්තාව(කැපුම් අවසර සඳහා ඉල්ලුම්කරුට දැව පිහිටි ඉඩමට ඇති අයිතිය තහවුරු කර තිබීම, දැව ප්‍රවාහනය කරන්නේද නොකරන්නේද යන්න පැහැදිලිව සඳහන් කර තිබීම)
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන දැව කපන ඉඩමේ නිරවුල් ඔප්පු පිටපත
- රාම නිලධාරි විසින් සහතික කරන දැව කපන ඉඩමේ නිරවුල් ඔප්පුවට අදාළ පිඹුරු පිටපත(ඔප්පුවේ හා පිඹුරේ සතර මායිම්, ප්‍රමාණයන් ආදිය ගැළපිය යුතුයි)
- ඔප්පුවට අදාළ පත් ඉරුව අවසාන පිටුව දක්වාම බදුල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගෙන ඉදිරිපත් කරන්න(අයදුම්පත ඉදිරිපත් කරන දිනට පත් ඉරුව ලබාගෙන මාස 06 ඉක්මවා තිබූ පත්ඉරු භාර නොගනී.)
- ඉල්ලුම් කරන්නේ ඉඩමේ අයිතිකරු නොවේනම් ඉඩම අයිතිකරුගේ කැමැත්ත සඳහන් කර ග්‍රාම නිලධාරි ඉදිරියේ අත්සන් කළ ලිපිය
- ඉඩම අයිතිකරු මියගොස් නම් අයිතිකරුගේ කාලත්‍රයාගේ හා දරුවන් සියලු දෙනා ග්‍රාම නිලධාරි ඉදිරියේ අත්සන් කළ ලිපිය
දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය ලියවිලි
දැව ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අයඩුම්පත සමඟ මෙම ලියවිලි ඉදිරිපත් කරන්න.
- ඔප්පුවේ මුල් පිටපත හා ඡායා පිටපතක්
- ඉඩම් සැලැස්මේ මුල් පිටපත හා ඡායා පිටපතක්
- ඉඩමේ පත්ඉරු වාර්තාව සහ ඡායා පිටපතක්
- දැව ප්‍රවාහන බලපත්‍රය සඳහා ඉල්ලුම්කරුගේ දැව ලැයිස්තුව හා ග්‍රාම නිලධාරිගේ දැව ලැයිස්තුව
- මුලින් ලබාගත් කැපුම් බලපත්‍රයේ මුල් පිටපත
- මෙම සියළුම ලිපි ලේඛන අයදුම්පත ඉදිරිපත් කරන මුල් අවස්ථාවේම ඉදිරිපත් කිරීමෙන් ඔබගේ කාර්යය ප්‍රමාදයකින් තොරව ඉටුකර ගත හැක.
















